දුරුතු පුර පසළොස්වක පෝය වසරේ ප්‍රථම පොහොය වන අතර, බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් දුරුතු පෝය දින සිදුව තිබේ. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වීම, බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කිරීම දුරුතු පෝය දින සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. එමෙන්ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවා ගැනීම හා බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව වන බිමිබිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද දුරුතු පොහොය දිනකය.
බුදුන් වහන්සේ ලංකාවට පළමු වරට වැඩියේ දුරුතු පොහොය දිනයකය. මහියංගණයෙහි පිහිටි “මහානාග” නම් උයනේ යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් දෙපිරිසක් අතර අරගලයක් හට ගෙන තිබිණි. බුදුන් වහන්සේ එහි වැඩම කොට ඔවුන් ඇමතීමට උත්සාහ දැරුව ද තමන්ගේ පරිසරයට පැමිණි අමුත්තා කරදරයක් යයි සිතූ යක්ෂයෝ අවි අමෝරා ගෙන බුදුන් වහන්සේට එරෙහිව නැඟී සිටියහ. යක්ෂයින් දමනයට නම් ඔවුන් බියට පත් කර සිටිය යුතු බව සිතූ බුදුන් වහන්සේ වර්ෂාව, අකුණු සහ මහා මේඝයක් ඇති කර යක්ෂයින් බිය වද්දවා පසුව ඔවුන්ගේ බිය පහ කළ අතර පසුව යක්ෂයෝ ගිරි දිවයිනට පලා ගියහ. එහි පැමිණ සිටි සුමන සමන් නම් දෙවියන් පූජාවට සුදුසු දෙයක් ඉල්ලා සිටි විට බුදු හිමියන් කෙස් මිටක් දී ඇති අතර සුමන සමන් දෙවියන් විසින් බුදුරජුන් වැඩ සිටි ස්ථානයෙහිම එම කේශ ධාතු තැන්පත් කොට අඩි 10ක් උස ස්තූපයක් කර වූ අතර මියුගුණ හෙවත් මහියංගණ චෛත්‍ය එම ස්තූපයයි
බුදුන් වහන්සේ මහා ප්‍රඥාව ලෝක සත්ත්වයා හට දේශනා කිරීමේ මුල් පියවර තබන ලද්දේ ද දුරුතු පොහෝ දිනකදීය. ඒ උරුවෙල දනව්වට වැඩම කොට අහංකාර තුන්බෑ ජටිලයන් වූ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු දහසක් පමණ දෙනාට සදහම් මාර්ගය පහදා දෙමිනි. තමා විසින් දහම් දේශනා කොට අරහත් භාවයට පත් තුන් බෑ ජටිල තෙරුන් සහ ඔවුන්ගේ පිරිවර සමඟ මගධය වෙත වැඩම කළ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුට දහම් දෙසා රජු සහ ඒ නුවර වැසියන් තෙරුවන් සරණ ගිය බෞද්ධයන් බවට පත් කළේ ද දුරුතු මාසයේදීය.
බිම්බිසාර රජතුමා විසින් රජගහනුවර ඉදි කරන ලද වේළුවනාරාමය බුදුන් වහන්සේ ප්රමුඛ මහසඟරුවනට එදා පූජා කරන ලද්දේ බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව ලෙස දුරුතු පෝය දිනකය. එතැන් සිට ආරාම පිළිගැනීම භික්ෂූන් වහන්සේට සුදුසු බව බුදුන් වහන්සේ අනුමත කළ බව ද පොත පතෙහි සඳහන්.
කැලණිය රජමහා විහාරයේ දුරුතු මහා පෙරහර මංගල්‍යය දුරුතු පෝය දින සිදු කරන සුවිශේෂී කටයුක්තකි.