ශ්‍රී ලංකාවේ භාෂා සම්බන්ධයෙන් වන මුලික නිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV පරිච්චේදයෙහි සදහන්ව ඇත. එහි ඇති විධි විධාන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් (1987) සහ 16 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් (1988) සංශෝධනය වී තිබේ. භාෂා අයිතිය මුලික අයිතිවාසිකමක් ලෙස සුරැකෙන අවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III පරිච්චේදයේ 12 (2) ව්‍යවස්ථාවේ සඳහන් කර තිබේ.
"කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර හෝ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතුය"
නමුත් මෙම ප්‍රකශය ඉන් පසුව දැක්වෙන විශේෂ නියමයන්ට යටත්ව ක්‍රියාත්මක වේ.
"එසේ වුවද, රජයේ සේවයේ, අධිකරණ සේවයේ, පළාත් පාලන සේවයේ නැතහොත් යම් රාජ්‍ය සංස්ථාවක සේවයේ යම් සේවා නියුක්තික හෝ ධුරයක කාර්‍ය ඉටු කිරීම සඳහා යම් තැනැත්තෙකු යම් භාෂාවක් පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් ඇතිව සිටීම සාධාරණව අවශ්‍ය වන අවස්ථාවක ඒ සේවා නියුක්තිය හෝ ධුරය සඳහා සුදුසුකමක් වශයෙන් ඒ භාෂාව පිළිබඳව එසේ ප්‍රමාණවත් දැනීමක් සාධාරණ කාලයක් තුළ දී ලබා ගත යුතු යයි එවැනි තැනැත්තෙකුට නියම කිරීම නිත්‍යානුකුල වන්නේ ය" "එසේම තවදුරටත්, එවැනි යම් සේවා නියුක්තියක හෝ ධුරයක හෝ කිසිදු කර්තව්‍යයක් යම් භාෂාවක් පිළිබද දැනීම ඇත්තේ නම් මිස ඉටු කළ නොහැකි වන අවස්තාවල දී , ඒ සේවා නියුක්තිය ට හෝ ධුරයට හෝ ඇතුළත් කර ගැනීමේ සුදුසුකමක් වශයෙන් යම් තැනැත්තෙකුට ඒ භාෂාව පිළිබද ප්‍රමාණවත් දැනීමක් තිබිය යුතු යයි නියම කිරීම නිත්‍යානුකුල වන්නේ ය"
"එසේ වුවද, රජයේ සේවයේ, අධිකරණ සේවයේ, පළාත් පාලන සේවයේ නැතහොත් යම් රාජ්‍ය සංස්ථාවක සේවයේ යම් සේවා නියුක්තික හෝ ධුරයක කාර්‍ය ඉටු කිරීම සඳහා යම් තැනැත්තෙකු යම් භාෂාවක් පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් ඇතිව සිටීම සාධාරණව අවශ්‍ය වන අවස්ථාවක ඒ සේවා නියුක්තිය හෝ ධුරය සඳහා සුදුසුකමක් වශයෙන් ඒ භාෂාව පිළිබඳව එසේ ප්‍රමාණවත් දැනීමක් සාධාරණ කාලයක් තුළ දී ලබා ගත යුතු යයි එවැනි තැනැත්තෙකුට නියම කිරීම නිත්‍යානුකුල වන්නේ ය"
"එසේම තවදුරටත්, එවැනි යම් සේවා නියුක්තියක හෝ ධුරයක හෝ කිසිදු කර්තව්‍යයක් යම් භාෂාවක් පිළිබද දැනීම ඇත්තේ නම් මිස ඉටු කළ නොහැකි වන අවස්තාවල දී , ඒ සේවා නියුක්තිය ට හෝ ධුරයට හෝ ඇතුළත් කර ගැනීමේ සුදුසුකමක් වශයෙන් යම් තැනැත්තෙකුට ඒ භාෂාව පිළිබද ප්‍රමාණවත් දැනීමක් තිබිය යුතු යයි නියම කිරීම නිත්‍යානුකුල වන්නේ ය"
13 ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත 18 (1) හා 18 (2) ව්‍යවස්ථා අනුව සිංහල භාෂාව හා දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවන් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති නිසි පරිදි ක්‍රියාත්මක කිරීම උදෙසා, අදාළ සියලුම රාජ්‍ය ආයතන, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සහ ප්‍රාදේශීය පරිපාලන තන්ත්‍රයන් යන සියලු ආයතනික ව්‍යුහයන්ගේ නොමඳ සහභාගීත්වයත්, දායකත්වයත් අත්‍යවශ්‍ය වේ. එහිදී රාජ්‍ය සේවකන්ගේ රාජ්‍ය භාෂා ප්‍රවිනතාව සම්බන්යෙන් ඇති දැනුම ඉතාමත් අත්‍යවශ්‍ය සාධකයක්ව තිබේ.
රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් විසින් තමන් රාජ්‍ය සේවයට බැඳුනු රාජ්‍ය භාෂාවට අතිරේකව අනෙක් රාජ්‍ය භාෂාව පිළිබඳව ඇත කරගත යුතු භාෂා ප්‍රවිනතාව පිළිබඳව අදාළ විධිවිධාන 2007/07 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. තව දුරටත් ආයතන සංග්‍රහයේ II පරිච්චේදයට 12:11:2 ලෙස නව උප වගන්තියක් රා. පරි. චක්‍රලේඛ අංක 07/2007 (1) මගින් හදුන්වා දෙනු ලැබිණි.
"12:11:2: සෑම නිලධාරියෙකුම සේවයට/ තනතුරට පත් වී වසර 5 ක් තුළ අදාළ තනතුරට නියම කර ඇති දෙවනි භාෂා ප්‍රවිනතාව (තනතුරට නියමිත මට්ටම) ලබා ගත යුතුය. නියමිත කාලය තුළ ප්‍රවීනතාව ලබා නොගන්නා නිලධාරීන්ගේ වැටුප් වර්ධක විලම්භනය වේ"
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරීම වර්ෂ 2009.09.25 දිනැති අංක 1620/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය සහ වර්ෂ 2009.11.25 දිනැති අංක 18/2009 දරන චක්‍රලේඛය මගින් සිදු කරන ලදි.
2007/7 චක්‍රලේඛයේ සදහන් පරිදි භාෂා ප්‍රවීණතාව ලබා ගැනීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ගේ ඇති වූ තත්වය හා ඉල්ලීම් සලකා බලා 2012-05-23 දින අමාත්‍ය මණ්ඩලය විසින් තවත් වසර දෙකක කාල පරිච්චේදයක් නියමිත භාෂා ප්‍රවීණතා මට්ටම ඇති කර ගැනීමට ලබා දෙන ලදී. තවද 2007/7 චක්‍රලේඛයේ වැටුප් වර්ධකය විලම්බනය කිරීම වෙනුවට එය නතර කිරීම යනුවෙන් යෝග්‍ය පරිදි සංශෝධනයට අනුමැතිය දෙන ලදී. තවද රාජ්‍ය සේවකයින්ට අවශ්‍ය භාෂා ප්‍රවීණතා මට්ටම් සමාලෝචනයට කමිටුවක්ද පත් කරන ලදී.
එම කමිටුවේ නිර්දේශ අනුව රාජ්‍ය භාෂා ප්‍රවීණතාව අදාළව සේවාවන්/ තනතුරු වර්ගීකරණය සංශෝධනය, තමන් සේවයට බැදුණු රාජ්‍ය භාෂාව නොවන අනෙක් රාජ්‍ය භාෂාව පිළිබඳව ප්‍රවීණතාව ඇත කර ගත යුතු බව, භාෂා ප්‍රවීණතාව පරික්ෂාව හා ඇගයීම සඳහා යෝජිත ක්‍රම වේද ඉදිරිපත් කිරීම, විෂය නිර්දේශය ඉදිරිපත් කිරීම, භාෂා ප්‍රවීණතාව ලබා ගැනීමට පහසුකම් සැලසීම ඇතුළු කරුණු ඇතුලත්ව 2014/1 චක්‍රලේඛය මගින් රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්බන්ධයෙන් නීති අලුත් කරන ලදී.
2014/1 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මඟින් හදුන්වා දුන් විධිවිධාන වෙනුවට 2020.10.16 දිනෙන් පසු බලාත්මක වන ලෙස රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධව නවතම විධිවිධාන 2020/18 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මඟින් හදුන්වා දී ඇත. පහත සබැදිය මගින් 2020/18 චක්‍රලේඛය භාගත කිරීමට හැකිය.
Link > 2020/18 Implementation of Official Language Policy Circular
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2020 අනුව රාජ්‍ය නිලධාරීන් විසින් අත් කර ගත යුතු රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබා ගැනීම සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ඉහත චක්‍රලේඛය ප්‍රකාරව රාජ්‍ය පළාත් රාජ්‍ය නිලධාරීන් සඳහා භාෂා පාඨමාලා පැවැත්වීමේ කටයුතු ආරම්භ කර ඇත.