දුරුතු පුර පසළොස්වක පෝය වසරේ ප්‍රථම පොහොය වන අතර, බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් දුරුතු පෝය දින සිදුව තිබේ. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වීම, බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කිරීම දුරුතු පෝය දින සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. එමෙන්ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවා ගැනීම හා බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව වන බිමිබිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද දුරුතු පොහොය දිනකය.
උඳුවප් පොහොය ව්‍යවහාරික වර්ෂ ක්‍රමයට අනුව වර්ෂයේ අවසාන පොහොය දිනයයි එදින සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිදුවීම් කිහිපයක් ම වාර්තා වී තිබේ.
වස්සාන ඍතුවේ අවසාන දිනය වන ඉල් පුර පසළොස්වක පොහෝදා සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිදුවීම් කිහිපයක් ම වාර්තා වී තිබේ.
දුරුතු පුර පසළොස්වක පොහොය